හාලන්ඩ්ගේ නෝර්වේ කණ්ඩායම පැරදූ එංගලන්තය අවසන් පූර්ව වටයට

ජූඩ් බෙලිංහැම්ගේ විශිෂ්ට ගෝල දෙකත් සමඟ මේවට FIFA පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නෝර්වේ කණ්ඩායම පරාජය කළ හැරී කේන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට අද හැකියාව ලැබුණා.

මියාමි හි දී පැවති මෙම අර්ධ අවසන් පූර්ව වටයේ තරගය එර්ලින් හාලන්ඩ්ගේ නෝර්වේ කණ්ඩායම පරාජය කරමින් එංගලන්තය ජය ගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි.

මෙම තරගයේ 36 වන මිනිත්තුවේ දී නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය ඇන්ඩ්‍රෙස් ෂේලඩරජ් විසින් රැස් කළා.
එම ගෝලය වාර්තා වී මිනිත්තු 11ක් ගතව අවස්ථාවේ එංගලන්ය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ ජූඩ් බෙලිංහැම් තරගයේ ගෝල ගණන එකට එකක් ලෙස සම කිරීමට සමත් වුණා.

ඒ, අනුව තරගයේ නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුන් තීරණය කළා.

එම කාලය යළිත් ප්‍රයෝජනයට ගත් ජූඩ් බෙලිංහැ 93 වන මිනිත්තුවේ දී දෙවන ගෝලය වාර්තා කරමින් එංගලන්තය මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට රැගෙන ගියා.

ඒ අනුව වසර 60 කට පෙර ජූල්ස් රිමෙට් කුසලානය ඔසවා තැබීමෙන් පසු එංගලන්තය මේ වනවිට ඔවුන්ගේ තුන්වන ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පිවිසි තිබෙනවා.

1990 දී බටහිර ජර්මනියට සහ 2018 දී ක්‍රොඒෂියාව හමුවේ අවසන් පූර්ව වටයේ දී ලැබූ පරාජයන්ගේ වේදනාකාරී අත්දැකීම් ඇති එංගලන්තය, මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය වෙනුවෙන් සුදුකම් ලබාගැනීමට, ආර්ජන්ටිනාව සහ ස්විස්ටර්ලන්ත අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයින් සමඟ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57