හයිලෙවල් මාර්ගයේ ගසක් කඩාවැටී මෝටර් රථයකට හානි

පාදුක්ක, තුන්නාන ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී හයිලෙවල් මාර්ගයට විශාල කොට්ට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට හානි සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවට වාර්තාවෙනවා.

එම නිසා මේ වන විට ප්‍රදේශයේ රථවාහන තදබදයක් සහ ගමනාගමනට බාධා මතුව ඇති බව පාදුක්ක පොලීසිය ප්‍රකාශ කරනවා.

මාර්ගයේ කඩා වැටී ඇති ගස කපා ඉවත්කර, මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කර, යළි වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘතකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන් වෙනවා.