හමාස් ප්‍රාණ ඇපයේ සිටි හයදෙනෙකුගේ මළ සිරුරු උමගකින් හමුවේ (ඡායාරූප)

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හයදෙනෙකුගේ සිරුරු තම හමුදාව විසින් සොයාගෙන ඇති බව ඊශ්‍රායලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ මෙම මළ සිරුරු සෙනසුරාදා (31) රෆා ප්‍රදේශයේ භූගත උමගක තිබී සොයාගත් බවයි.

මේ වනවිට එම මළ සිරුරු ඊශ්‍රායල භූමියට ගෙනවිත් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළා.

මෙලෙස ඝාතනය කළ හයදෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් ද වන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

හර්ෂ් ගෝල්ඩ්බර්ග්, අල්මොග් සරුසි, ඇලෙක්ස් ලුබ්නොව්, ඔරි ඩැනිනෝ,ඊඩන් යෙරුෂල්මි සහ කර්මෙල් ගැට් යන අය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටිය දී හමාස් සංවිධානය මෙලෙස ඝාතනය කර තිබෙනවා.

මේ අතර මෙම හයදෙනා අතර සිටින 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් නැමැත්තා එක්සත් ජනපද පුරවැසියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරයේ දී මොවුන් සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබුණා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54