spot_imgspot_img
spot_img

හමාස් අතින් ඝාතනය වූ ශ්‍රී ලාංකික සුජිත්ගේ දේහය දිවයිනට (ඡායාරූප)

ඊශ්‍රායල – හමාස් යුද ගැටුමෙන් මියගිය මෙරට දෙවැනි ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය මෙරටට ගෙනවිත් තිබෙනවා.

අද උදෑසන FLY DUBAI XZ ගුවන් සේවයේ 579 යානාවෙනුයි මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහය ඊශ්‍රායලයෙන් ඩුබායි වෙත එවීමෙන් පසු ව මෙරටට ගෙනවිත් ඇත්තේ.

අප ගුවන් තොටුපොළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන් තොටුපොළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත සුජිත්ගේ දේහය මේ වනවිට එවා ඇති බවයි.

එය අද උදෑසන 8.37ට පමණ මෙරටට ළඟා වී තිබෙනවා.

මෙම දේහය භාර ගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දියණිය, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන පිරිසක් එක් ව සිටියා.

මෙම දේහය පිළිබඳ ව අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා වෙන්නප්පුව – තුලාවෙල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී සිදු කෙරෙනු ඇති.

20231109 090956 scaled
20231109 091051 scaled
20231109 091054 scaled
20231109 091112 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
8
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?