හම්බන්තොට වනඅලි පලවා හැරීමේ මෙහෙයුමට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළා.

විනිවිද පදනම විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදු වී ඇතැයි සඳහන් කළා.

මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 2000 කට අධික පිරිසක් සහභාගී වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි නීතිඥවරිය පැවසුවා.

අලි ඇතුන් පලවා හැරීම සඳහා සිදු කරනු ලබන පිපිරවීම් හේතුවෙන් ඇතැම් අලි ඇතුන් තුවාල ලබා ඇති බව පෙන්වා දුන් නීතිඥවරිය පිපිරීම් හරහා අති විශාල ශබ්ද නිකුත් වීම හේතුවෙන් ගර්භනී තත්ත්වයෙන් පසු වන ඇතින්නියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් පෙන්වා දුන්නා.

එම නිසා පරිසර නීති රීතිවලට පටහැනිව සිදු කරනු ලබන මෙම මෙහෙයුම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර සංවිධානයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඊට අමතරව මෙම ක්‍රියාව හේතුවෙන් අගතියට පත්වන පාර්ශව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම පෙත්සම්කාර සංවිධානය විසින් සිය පෙත්සම තුළින් එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙම තත්ත්වය මත මෙම පෙත්සම පවත්වාගෙන යාමට සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තම අධිකරණය විසින් රජයට මේ වනවිටත් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නා.

එම වැඩපිළිවෙල තුළ මෙම පෙත්සමේ සඳහන් කරුණු ද අවධානයට භාජනය වන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවා.

ඒ, අනුව දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42