හබරාදූවේ වෙඩි තැබීමක් (වීඩියෝ)

හබරාදූව පොලිස් වසමේ දික්කුඹුර මාර්ගයේ හරුමල්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩික්කරුවන් විසින් පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇති අතර, ඉන් එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.

අනෙක් පුද්ගලයා බේරී පළාගොස් ඇති අතර, අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා අසළ තිබූ ත්‍රිරෝද රථයකට නැඟීමට උත්සාහ කිරීමේ දී වෙඩික්කරුවන් ත්‍රිරෝද රථය දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වුණේ.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 34 සහ 54 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04