සෞදියේ දී මරණ දඬුවම නියම වී බන්ධනාගාරයක රඳවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා සිර මැදිරිය තුළ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
දිගින් දිගටම බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වූ අනෝජන් කලක සිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත්, කෙසේ වෙතත් ඊයේ දිනයේ දී අනෝජන් පවුලේ සාමාජිකයන් අමතා තමාට සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර ඇති බව පැවසෙනවා.
එම ප්‍රහාරයෙන් අනෝජන්ගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන තෙක් ඔහුව ප්‍රතිකාර සඳහා යොමුකර නොමැති බවද පවුලේ සාමාජිකයන් පවසනවා.
පවුලේ සාමාජිකන් ඉල්ලා සිටින්නේ, සිර මැදිරිය තුළ ඔහුව ආරක්ෂා කර ගැනීමට හැකිතාක් මැදිහත් වන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකශ කළ අතර, එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රජය ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවයි.
ඔවුන් සඳහන් කරන්නේ එම ප්‍රහාරයෙන් අනෝජන්ගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් අනෝජන් සිය පවුලේ සාමාජිකයන් අමතා තමාට සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් වෙත පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
එමෙන්ම, අනෝජන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට සෞදි අරාබියට ගොස් සිටින ශ්‍රී ලාංකික දූත පිරිසටද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි අනෝජන්ගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ.
බන්ධනාගාර රැඳවියන් විසින් කුමන හේතුවක් මත අදාළ පහරදීම සිදු කර ඇද්ද යන්න මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.
මේ අතර, අනෝජන්ගේ ජීවිතය ආරක්ෂා කර ඔහු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා










