සුළු සුළු අතපසුවීම් නිසා ජයග්‍රහණය ගිලිහුනා – දසුන්

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරවටය තියුණු පරාජයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවට ඊයේ (20) සිදුවුණා.

බංග්ලාදේශය අතර පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුලු හතරකින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී පිතිකරණයේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණි දසුන් ශානක පන්දු 37ක් තුළ ලකුණු 64ක් රැස්කරගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ ප්‍රධාන නිමැයුම්කරුවා බවට පත් වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කය තරගය අවසන්වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී පසුකර යන්නට බංග්ලාදේශ පිතිකරුවන්ට හැකියාව ලැබුණා.

ඒ, වන විට ඔවුන්ගේ ඉනිමේ බිඳවැටී තිබූ කඩුලු සංඛ්‍යාව හයක්.

මෙම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී දසනු ශානක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වූ සුළු සුළු අතපසුවීම් හේතුවෙන් මෙම තරයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය බවයි.

මෙම තරගය පරාජයට පත් වුණත් ඉතා හොඳ තරගයක් ක්‍රීඩා කළ බව සඳහන් කළ දසුන්, පාකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග දෙක හොඳ දළ ලකුණු ලබාගැනීමේ වේගයක ද සමඟ ජයගැනීමට හැකියාව අවස්ථාව ලැබුනොත් අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව පවතින බවයි පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෑම අවස්ථාවකම ධනාත්මක මානසික මට්ටමක සිටින බව පැවසූ දසුන්, ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අවස්ථාවක පෙරළියක් සිදුකළ හැකි කණ්ඩායමක් බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47