ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරීය සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට නියමිතව තිබේ.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.













