රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙටහ ලිපියක් යොමුකර තිබෙනවා.
අදාළ ලිපිය මඟින් සුරේෂ් සලේගේ මව ඉල්ලා ඇත්තේ, සුරේෂ් සලේට පනවා ඇති රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙසයි.
එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ, තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල සමඟ ගත කළ හැකි වටිනා වසර කැප කළ බවයි.
වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් ඒවා විමර්ශනය කර සත්‍යය සොයාගන්නා ලෙසත් එම ලිපිය මඟින් ඇය ඉල්ලා සිටිනවා.
එහෙත් පරීක්ෂණ සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
විමර්ශන සාක්ෂි මත සිදුවිය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවයි ඇය ජනධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මෙතැනින්..













