2026 සිව්වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නැහැ – ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා.

අද (05) දිනයේ දී පැවැත්වුණු, 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී එම සමාගම දැනුම් දී තිබෙනවා.

ජලාශ ජල මට්ටම් සහ එල් නිනෝ (El Niño ) තත්ත්වයන් යටතේ ලැබෙන ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් එම සමාගම විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.