තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
මෙම තරගාවලිය පුරාවටම කාසියේ වාසිය හිමිකර ගැනීමට නායක කුසල් මෙන්ඩිස් සමත් වීම විශේෂත්වයක්.
ඒ අනුව ශ්රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.
තරගය ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකාව වෙනුවෙන් අද ක්රීඩා කරන කණ්ඩායමේද කිසිඳු වෙනසක් සිදු නොකර පෙර තරගයට ක්රීඩා කළ කණ්ඩායම අද තරගයට ක්රීඩා කරනවා.
කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරගයට මේ වන විටත් ශ්රී ලංකාව සහ පාකිස්ථානය තේරී පත්ව අවසන්.
තුන්කොන් තරගාවලියේ මේ දක්වා ක්රීඩා කළ සියලු තරග පරාජයට පත් වූ එංගලන්තයට තවදුරටත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාවක් නැහැ.
එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 31 වැනිදා ගඩාෆි ක්රීඩාංගණයේදීම පැවැත්වෙනවා.










