සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු ආයතනයේ ගොඩනැගිල්ලක අද (19) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
එම මධ්‍යස්ථානයේ ආබාධිත සිසුන් රැඳී සිටින නේවාසිකාගාරයේ මෙම ගින්න හටගන ඇති බවයි වාර්තා වුණේ.
ගින්න පාලනය කිරීම සඳහා මීගමුව ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර, මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
