සිව් දෙනකුගේ පවුලකට ජීවත්වෙන්න මාසයකට වැය වන මුදල

මාසික දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම වාර්තාවට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල්. 53,840 ක් වේ.

 අගෝස්තු මාසයේ මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 13,460 ක් ලෙස සඳහන් කර ඇත. මෙම අගය 2022 ජූලි මාසයේ දී රුපියල්. 13,138 ක් වශයෙන් වාර්තා විය.සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටය.එය රුපියල් 14,517 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල්. 12,870 ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?