spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිව්දරු මවක් ඝාතනය කර රන් භාණ්ඩ කොල්ල කාලා (ඡායාරූප)

ලිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැඳී සිටි මවක් අද (21) දින ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය පැළඳ සිටි රන් මාලය සහ කරාඹු යුගළය සොරාගෙන ගොස් ඇති බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවක්.

අද (21) දින උදෑසන දියණිය සහ බෑණා රැකියාව සඳහා පිටව යාමෙන් අනතුරුව නිවසේ රැදි සිටි මිණිබිරිය ද නිවසින් බැහැර ගිය අවස්ථාවේ නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර රන් ආභාරණ සොරාගෙන ගොස් ඇති බවටයි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාව සිදුකළ නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා ලිඳුල පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ ලිඳුල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?