සිව්දරු මවක් ඝාතනය කර රන් භාණ්ඩ කොල්ල කාලා (ඡායාරූප)

ලිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැඳී සිටි මවක් අද (21) දින ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය පැළඳ සිටි රන් මාලය සහ කරාඹු යුගළය සොරාගෙන ගොස් ඇති බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවක්.

අද (21) දින උදෑසන දියණිය සහ බෑණා රැකියාව සඳහා පිටව යාමෙන් අනතුරුව නිවසේ රැදි සිටි මිණිබිරිය ද නිවසින් බැහැර ගිය අවස්ථාවේ නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර රන් ආභාරණ සොරාගෙන ගොස් ඇති බවටයි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාව සිදුකළ නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා ලිඳුල පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ ලිඳුල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06