සියළුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

අද (06) පස්වරුවේ සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වර්ෂාව සමඟ කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් හේතුවෙන් මෙලෙස පස්වරුවේ දුම්රියන් ප්‍රමාදවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.