සියලු භේදයන් දුරුකර, එකම මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගමු​

අදට යෙදී තිබෙන පාස්කු ඉරුදිනය වෙනුවෙන් පණිවිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසනවා.

ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාවදීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගනිමු යන්න අග්‍රාමාත්‍යවරියගේ පාස්කු දින පණිවිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීම සිහිපත් කරන මෙම උදම් පාස්කු උත්සවයේදී, ඔබ සැමට සාමය, සතුට හා දේව ආශිර්වාදය පිරි සුභ පාස්කු මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මරණයෙන් පසු නැවත උත්ථානය වූ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාට ලබා දුන් පණිවුඩය වන්නේ, අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවයි.

​අපගේ ජීවිත තුළ විවිධ අභියෝග, දුක් වේදනා හා බාධක පැමිණීම ස්වභාවිකය. එහෙත්, කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කර දෙයි. එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරයි.

අප මහත් හරසරින් පාස්කු දින සැමරුම් සිදු කළද මැද පෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩා විඳින බවද අමතක නොකළ යුතුය. වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුධ බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවා යි ශුද්ධ වූ පාස්කු දිනයේ ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාව දීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගනිමු. සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳ ගනිමු.

සුභ පාස්කු මංගල්‍යයක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26