සිදු වූ විශාල වරදට FIFA සභාපති සමාව අයදියි

පාපන්දු තරගාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයන් වෙත විකිණීම වෙනුවෙන් ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ “වරද” වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සමාව ඇයද තිබෙනවා.

කෙසේ වෙතත් මොරොක්කෝවේ පැවති රැස්වීමක දී ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ සහාය ලැබීමෙන් පසු ඔහු FIFA සභාපති ලෙස තව දුරටත් රැඳී සිටිනු ඇත.

මෙම මතභේදාත්මක යෝජනා සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමත් සමඟ, ඊයේ දිනයේ ඉන්ෆන්ටිනෝ විසින් කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් මොරොක්කෝවේ රබාත් නුවර පිහිටි ෆිෆා හි අප්‍රිකානු කාර්යාලය වෙත කැඳවා තිබුණා.

එම රැස්වීම අවසන් වී පැය හතරකට පසු ලෝක පාපන්දු පාලක මණ්ඩලය ගියානි ඉන්ෆැන්ටිනෝ වෙත අහය් පළකරන නිවේදනය නිකුත් කරනු ලැබුවා.

මේ අතර යුරෝපා පාපන්දු පාලක මණ්ඩලය පසුගිය සති අන්තයේ ප්‍රකාශ කළේ, ඉන්ෆන්ටිනෝ කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය බිඳී ගොස් ඇති බවයි.

එසේම ඔවුන් විසින් ‘ෆිෆා ෆෝවර්ඩ් එන්ටර්ප්‍රයිස්’ (FFE) යෝජනාව “පසුබිම් සාකච්ඡා හරහා සිදුකළ අපැහැදිලි සහ සැක සහිත ගනුදෙනුවක්” ලෙස දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළා.

මේ අතර ඉන්ෆන්ටිනෝ සහ මහලේකම් මැටියාස් ග්‍රැෆ්ස්ට්‍රෝම් විසින් ෆිෆා හි නියෝජ්‍ය සභාපතිවරුන්, කවුන්සිලයට සහ සාමාජික සංගම් 211 වෙත අත්සන් කරන ලද ලිපියක් යොමු කරමින්, තමන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් “ප්‍රතිඥා දෙමින් අවංකවම සමාව අයැද සිටින” බව දන්වා තිබෙනවා.

මෙහිදී Fifa Forward Enterprise නව අනුබද්ධ ආයතනය හරහා පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ඇතුළු තරගාවලි සඳහා පෞද්ගලික ආයෝජන ලබාගැනීමට කටයුතු කිරීමේ දී සහ මධ්‍යස්ථාන සමඟ නිසි ලෙස සාකච්ඡා නොකිරීම සම්බන්ධයෙන් වැරදි සිදුවූ බව පිළිගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57