සෑම් කරන් සහ ටොම් කරන්ගේ සහෝදරයා සිම්බාබ්වේ එක්දින සංචිතයට

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් වන සෑම් කරන් සහ ටොම් කරන්ගේ සොහොයුරා වන බෙන් කරන් සිම්බාබ්වේ එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය ඔහු මෙලෙස සිම්බාබ්වේ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

සෑම් කරන්, ටොම් කරන් සහ බෙන් ක‍රන් හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක කෙවින් කරන්ගේ පුත්‍රයින් තිදෙනායි.

මොවුන් තිදෙනාගෙන් සෑම් සහ ටොම් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර, එළඹන ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී සිම්බාබ්වේ සංචිතයෙන් බෙන් ක‍රන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනවා.

28 හැවිරිදි බෙන් කරන් සෑම් සහ ටොම් කරන්ගේ මැද සහෝදරයා වන අතර, ඔහු සිම්බාබ්වේ හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙර 2022 දක්වා එංගලන්ත නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළා.

බෙන් කරන් ඔහුගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගත කළේ සිම්බාබ්වේ දේශයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33