spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැමියාගේ දේහය බෙදාගන්න නීතිඥ සහ ලිපිකාර බිරින්දෑවරුන් සටනක

පුද්ගලයකුගේ මෘත දේහයක් භාරගැනීමට ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා අතර ඇතිවූ අර්බුධකාරී තත්වයක් පොලිසියට විසදීමට සිදු වූ අවස්ථාවක් අද (22)දින පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර ඔහු ඊයේ (21)දින සිය නිවසේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන ඇති අතර, දෙවන විවාහයේ බිරිඳ සමග මියයන අවස්ථාව වන විට ජීවත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයාගේ පළමු කසාදයේ බිරිඳ නීතිඥවරියක් වන අතර ,දෙවන කසාදයේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරිනියක් බවද කසාද දෙකෙහිම දරුවන් කිහිප දෙනෙක් සිටින බවද වාර්තාවනවා.

මෙහිදී හදිසි මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා විසින් සිදුකර දේහය ඥාතීන්ට භාරදීමට පොලිසිය සූදානම්ව තිබෙනවා

එම අවස්ථාවේදී දේහය තමාගේ නිවසේ තැන්පත් කරවීමට අවශ්‍ය බව පළමු කසාදයේ බිරිඳ ඉල්ලීමක් කර තිබුනා.

එසේ දේහය ලබාදෙන්නේ නම් තමාට සහ තමාගේ ඥාතීන් මිතුරන් ඇතුළු සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බවට දෙවන කසාදයේ බිරිඳ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිවූ කතාබහ දුරදිග යාමට ඉඩ ලබා නොදී පොලිසියේ මැදිහත්වීමෙන් දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට දෙපිරිසේම එකඟතාවය මත පියවර ගනු ලැබුවා.

දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා කිසිදු ගැටුමකින් තොරව අවසන් කටයුතු සිදු කරන ලෙස දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
16
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?