සාදයක් පවත්වා සැඟව සිටින දෙදෙනෙක් පොලිසියෙන් සොයයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කීරකොටුව, සේදවත්ත පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පසුගිය ඔක්තෝම්බර් 11 වන දින සිට අතුරුදන්ව සිටින බවට ඔහුගේ මව විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා පසුගිය 11 වන දින තවත් පුද්ගලයින් දෙදෙනෙක් සමඟ සාදයක් පවත්වා ඇති බවත් එම සාදයෙන් අනතුරුව ඉහත පුද්ගලයා අතුරුදන් වී ඇති බවටත් මුලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සාදයට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනා ද එදින සිට පදිංචි ප්‍රදේශයේ නොමැති බැවින් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

ඒ අනුව අතුරුදහන් වූ පුද්ගලයාගේ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අතර ඒ අනුව පොලිසිය විසින් එම පුද්ගලයින් දෙදෙනාගේ විස්තර සහ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු යන පුද්ගලයන් දෙදෙනා අංක 63/ඒ, දකුණු මිරිසන් කොටුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති – 071-8591575, පොලිස් ස්ථානය ග්‍රෑන්ඩ්පාස් – 011-2421414



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57