සහල් හිඟයට විසඳුම් දෙමින් රටින් ගෙනා හාල් ගොඩබාන ගමන් – වෙළෙඳ ඇමති (වීඩියෝ)

රජය ප්‍රකාශ කළ පරිදි වෙළෙඳපොළේ සහල් හිඟය පියවීමට මෙරටට ආනයනය කළ සහල් තොග වරායට ගොඩබාමින් පවතින බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අද (12) අනුරාධපුරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ; ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට සහල් නිකුත් කරමින් තිබෙන බවත් ඒ අනුව සතොස වෙළෙඳසැල්වලට පමණක් දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක පමණ ප්‍රමාණයක් හා අනෙකුත් වෙළෙඳසැල්වලට දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 1000ක් මෝල් හිමියන් විසින් ලබාදීම සිදු කරනු ලබන බවයි.

සහල් ආනයනික සීමා මෙම මස 20 වනදා දක්වා ඉවත් කිරීම මගින් මෙරටට සහල් පැමිණෙමින් තිබෙන බවත් ඒ අනුව මේ වන විට මෙට්‍රික් ටෝන් 25000 – 50000 ත් අතර ප්‍රමාණයක් සහල් මෙරටට ආනයනය කර ඇති අතර රජය මගින් සහල් මෙට්‍රික්ටොන් 5200ක් ටෙන්ඩර් පත් කැඳවා මෙරටට ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

ගොවියා ආරක්ෂා කිරීම සඳහා ආනයනික සහල් මත රුපියල් 65ක බද්දක් පනවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් රජය මගින් පනවා ඇති බවත් තව දින කිහිපයක් තුළ වෙළෙඳපොළේ සහල් හිඟයට විසඳුම් ලැබෙන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12