AFC Banner
AFC Banner
Empty Ad

සමාජ මාධ්‍ය පනතට එරෙහි ව තවත් පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබෙනවා.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය විසින් ඉන් එක් පෙත්සමක් ඉදිරිපත් ක‍රනු ලැබුවා.

සමාජ සාධාරණත්ව පක්ෂය විසිනුයි අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධි විධානවලින් භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවයි.

ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?