සද්ද බද්ද නැති ගිල් එක්දින නායකත්වයට

රෝහිත් ෂර්මාගෙන් පසු ඉන්දීය එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ශුබ්මන් ගිල් නම් කර තිබෙනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 19 වනදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී ශුබ්මන් ගිල් ඉන්දියාවට නායකත්වය ලබාදීමට නියමිතයි.

මේ අතර මෙම එක්දින තරගාවලියේදී ශ්‍රෙයාස් අයියර් ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.

එමෙන්ම රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි මාස 07 කට පසු යළිත් ජාතික කණ්ඩායමට පැමිණ ඇති අතර, ඒ අනුව ඔවුන් දෙදෙනා ද ඕස්ට්‍රේලියානු තරග සංචාරයට නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට එක්දින තරගාවලියේ දී විවේකයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියෙන් අනතුරුව ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියේ දී සූර්යකුමාර් යාදව් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති අතර, ගිල් උප නායකයා ලෙස කටයුතු කරනු ලබනවා.

03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02