සටන් විරාමය ඇරඹීමත් සමග සහනාධාර ලොරි 60ක් ගාසා තීරයට

ඊශ්‍රායලය සහ හමාස සංවිධානය අතර දින හතරක විරාමය ආරම්භ වීමෙන් පසු වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ ආහාර රැගෙන ලොරි 60ක් ඊජිප්තුවේ සිට ගාසා තීරයට පැමිණ තිබෙනවා.

කටාරය මැදිහත් වී ඇති ගනුදෙනුව යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු අද දින නිදහස් කිරීමට නියමිත අතර දින හතරක් තුළ 50 දෙනෙකු නිදහස් කිරීමටයි නියමිතව ඇත්තේ.

ගිවිසුමේ කොටසක් ලෙස ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇති.

සටන් විරාමය ක්‍රියාත්මක වීමට මොහොතකට පෙර කුඩා අවි සහ මෝටාර් ප්‍රහාරයක් මෙන්ම ගුවන් ප්‍රහාරයක් ද ගාසා තීරය ආසන්නයෙන් ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහායි.

අද පෙරවරු 7ට ආරම්භ වූ තාවකාලික සටන් විරාමය දින 4ක් ක්‍රියාත්මකයි. කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම තාවකාලික සටන් විරාමය උතුරු ගාසා තීරයට මෙන්ම දකුණු ගාසා තීරයටද බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය
වාර්තා කරනවා.

මෙහිදී හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම එරට වේලාවෙන් අද පස්වරු 4ට නිදහස් කිරීමට සැලසුම් කර ඇති බව කටාර් රාජ්‍ය නිවේදනය කළා.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනාම කාන්තාවන් සහ ළමයින් වන අතර තාවකාලික සටන්විරාමය ක්‍රියාත්මකවන දින 4 තුළ තවත් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ගිවිසුමේ කොටසක් ලෙස ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 150 දෙනෙකුද නිදහස් කරනු ඇති.

මේ අතර සටන් විරාමය අතරතුර මානුෂීය ආධාර, වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ ආහාර රැගත් ට්‍රක් රථ සිය ගණනකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළුවීමට සූදානම්ව සිටින බවයි හමාස් සටන්කාමීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා
කළා.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් අද පලස්තීන නායකයින් හමුවන අතර, ගාසා තීරයට සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය සියලු මාර්ග සොයන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලින් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44