Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව මාර්තු 02 කැඳවීමට නියෝග

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් යටතේ අල්ලස් කොමිසම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා ඇති නඩුව මාර්තු 02 වනදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (27) නියෝග කළා.

සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වර්තා කිරීමට අල්ලස් කොමිසම ඉදිරි දිනයක් ඉල්ලා සිටියා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව මාර්තු 02 වනදා කැඳවිමට නියෝග කළා .