ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන අවසන් සටන අද

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (04 වැනිදා) රාත්‍රී 7.30ට ඉකුත් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් අබුඩාබි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ තීරණය තරගාවලියේ ඉදිරියට යාම වෙනුවෙන් ප්‍රධාන සාධකයක් නොවුවද, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් අවස්ථාවක් පවතින බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙම තරගය ඉහළ ශුද්ධ ලකුණු වේගයකින් ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

යම් හෙයකින් අද තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය වුවහොත් ඔවුන්ටද මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමි වනු ඇත.

සුපිරි කණ්ඩායම් 12 වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දක්වා අබුඩාබි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ එක් තරගයකට හෝ සහභාගි වී නොමැති වීම ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයකි. සුදුසුකම් ලැබීමේ වටයේදී නැමිබියාව සහ අයර්ලන්තය සමග පැවැති තරග ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩාංගණයේ හැසිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අවබෝධයක් තිබීම එයට හේතුවයි.

මේ දක්වා විස්සයි විස්ස පිටියේ එකිනෙකා හමු වූ අවස්ථා 14කදී ශ්‍රී ලංකාව තරග 07කුත්, බටහිර ඉන්දීය කොදෙව් තරග 07කුත් ජයගෙන සම තත්ත්වයේ රැඳී සිටී.

කොදෙව්-ශ්‍රී ලංකා ලෝක කුසලාන ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර සුවිශේෂී විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයක් වේ. 2012 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් කොදෙව්වන් හමුවේ සත්කාරක ශ්‍රී ලංකාව ලකුණු 36කින් පරාජය වීම එකී ඉතිහාසයේ අමිහිරිම මතකයය.

නමුත් 2014 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයේදී කොදෙව්වන් හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27ක ජයක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා පිවිස ශූරතාවද දිනාගනු ලැබුවේය.

මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණගැසුනු අවස්ථා 14න් 7ක්ම ලෝක කුසලාන තරගාවලියන්හිදී හමු වී තිබීම විශේෂ කාරණයකි. එම අවස්ථා 07න් 2009 වසරේ එංගලන්තයේ පැවැති තරගාවලියේ තරග දෙකක්, 2010 බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තරගයක්, 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති මූලික වටයේ තරගයක් සහ 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති අවසන් පුර්ව තරගය ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. ඒ අතරින් බටහිර ඉන්දීය කොදෙව්වන් ජයගෙන ඇත්තේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති අවසන් මහා තරගයත්, 2016 වසරේ ඉන්දියාවේ පැවැති තරගයකුත් පමණි.

අද තරගයේ ශ්‍රී ලංකාව

එංගලන්තය සමග පැවැති තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම අද තරගයේදීත් ක්‍රීඩා කිරීමේ සුදානමක් පවතින බව ඊයේ (03 වැනිදා) ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී කියැවුණ නමුත් අද තරගයට දඟ පන්දු යවන්නෙක් කැඳවෙනු ඇති බවට විශ්වාස වන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

තරගාවලිය පුරා පිතිකරුවෙකු වශයෙන් අසාර්ථක වී සිටින අවිශ්ක ප්‍රනාන්දු කෙරෙහි ශ්‍රී ලංකා පුහුණුකරුවා තවදුරටත් විශ්වාසය තබා සිටින බව එහිදී කීවේය. සහභාගි වු අවසන් තරග 06කදී අවිශ්කට රැස්කරගත හැකිව තිබුණේ ලකුණු 22ක් පමණි.

ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමග පැවැති තරග තුනේදී පිට පිට අතටම පැමිණි තීරණාත්මක උඩ පන්දු තුනක් (වෝනර්, බවුමා සහ මලාන්ගේ) අත්හළ කුසල් ජනිත් පෙරේරා තරග දිනවන්නෙකු බව මීකී ආතර්ගේ අදහසයි.

තරගාවලිය පුරා වේග පන්දු යවන්නන්ට සහයක් දැක්වූ බැවින් එංගලන්තය සමග පැවැති තරගයේදී අමතර දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට එක් නොකළ බවත්, එය නිදහසට කාරණයක් නොවන බවත් මිකී ආතර් එහිදී වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට පෙර පුහුණු සැසියකටද සහභාගි නොවීය.

යුනිවර්ස් බොස් ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාවට හමුවන අවසන් අවස්ථාවද?

බටහිර ඉන්දීය කොදෙව් පිලේ වයසින් වැඩිම සහ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වන්නේ යුනිවර්ස් බොස් ලෙසින් හදුන්වන ක්‍රිස් ගේල්ය. ඔහුට දැන් වයස අවුරුදු 42කි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග තුනේදීම කොදෙව් කණ්ඩායමේ ස්ථානය ගේල්ට හිමිව තිබුණි.

නමුත් එම තරග තුනේදී ඔහුට රැස්කරගත හැකි වුයේ ලකුණු 13, 12 ක් සහ 04ක් වශයෙන් වූයෙන් අද තරගයේදී ඔහුගේ ස්ථානය කෙරෙහි යම් අවධානම් තත්ත්වයක් මතුව තිබේ. කෙසේ නමුත් ගේල්ට අද තරගයේ අවස්ථාවක් හිමි වුවහොත් ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගේල් ක්‍රීඩා කරන අවසන් තරගයද මෙය විය හැකිය.

ශ්‍රී ලංකා සංචිතය

පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

කිරන් පොලාඩ් (නායක), නිකොලස් පුරාන්, ඩ්වේන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ඇන්ඩ්‍ර ෆ්ලෙට්චර්, ක්‍රිස් ගේල්, ශිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, එවින් ලෙවිස්, රවී රාම්පෝල්, ඇන්ඩ්‍ර රසල්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඔශේන් තෝමස්, හෙයිඩ්න් වොල්ෂ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01