ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු වහාම 22 සම්මත කරගන්නවා – ජනපති බේරුවල දී කියයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

බේරුවල දී අද (06) පැවති ජන රැළියට එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

“ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් තියෙනවා.දැන් අධිකරණයේ විභාගයට ලක්වෙලා තියෙනවා. දින 21ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දෙන්න ඕන. ඒ තීරණය දුන්නු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 22 වන සංශෝධනය සම්මත කරගන්නවා. මම කියන්න කැමතියි කළු ආර්ථිකේ වරදාන වරප්‍රසාද ගත්තු අය විසිදෙකට කලබල වුණාට ජනතාව කිසිවෙක් කලබලවෙලා නෑ ඔවුන් එකේ අවශ්‍යතාව පෙන්නුම් කරලා තියෙනවා.”