ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පල්ලෙකැලේ දී පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දුවාර ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර, ඒ වනවිට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවීයන විට ඔහු පන්දු 50කට මුහුණ දී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.













