ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් අවසන් – සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව මෙන්න

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 2024 වසරේ දී ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන ප්‍රධානය කෙරුණා.

එහිදී කමිඳු මෙන්ඩිස් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.

එමෙන්ම පසුගිය වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය ජනිත් ලියනගේට හිමි වුණා.

2024 වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන දිනා ගනිද්දී, වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මා දිනාගත්තා.

ටෙස්ට් පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම එක්දින පිටියේ දක්ෂතම පිතිකරු ලෙස පැතුම් නිස්සංක තේරී පත්වූ අතර, දක්ෂතම පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තා.

එක්දින පිටියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේ දී තේරී පත් වුණා.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ දක්ෂතම පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානයට පත්‍ර වෙද්දී විස්සයි විස්ස පිටියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විතවයම වනිඳු හසරංග විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මේ අතර වසරේ එක්දින පිටියේ දක්ෂම පිතිකාරිනියට හිමි සම්මානය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මානය නායිකා චමරි අතපත්තු හිමිකර ගනිද්දී කවීෂා දිල්හාරි එක්දින පිටියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වුණා.

කාන්තා විස්සයි විස්ස පිටියේ පසුගිය වසරේ දක්ෂම පිතිකාරිනිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවට හිමි සම්මාන ත්‍රිත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් මෙහිදී දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53