ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් අද (06) නාවික හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු වුණා.
මෙම නිල හමුවේ දී, ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති විසින් 27 වැනි නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත වුණා.
මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.













