Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එකඟ වන බව ඉන්දියාව IMF වෙත දන්වයි

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහනට සහයෝගය ලබාදෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ඉන්දියාව එකඟ වන බව ඉන්දීය මුදල් අමාත්‍යංශ නිලධාරී රජට් කුමාර් මිශ්‍රා IMF ප්‍රධානියාට දැනුම්දී තිබෙනවා.

ඒ ලිපියක් යොමු කරමින්.

ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩි ලෙස සහාය දෙන බවයි ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය මෙයින් තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව මූල්‍ය සහ ණය සහන සමඟ ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටිමුයනුවෙන් ඉන්දියාව අදාළ ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන 2.9ක ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහ ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වනවා.

අරමුදල් ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් පූර්ව මූල්‍ය සහතික ලබා ගැනීමටත්, එහි අධික ණය බර තිරසාර මාවතකට යොමු කිරීමටත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවිය යුතු බවත් IMF ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල ආණ්ඩුවට ඇඬෙන්න කවියෙන් දෙසයි
03:11
Video thumbnail
රනිල්ගේ විගඩම් සියල්ල එළියට - කොහොමද ගහලා තියෙන අන්තිම තුරුම්පුව? - මෙන්න බෙදුව බාර්...
04:26
Video thumbnail
මේ රට අපේ දෑතින් හදනවා - අපේ දෑසින් දකිනවා - හදවතින් සතුටුවෙනවා...
04:57
Video thumbnail
නඩුවෙන් නිදහස් වූ හිරුණිකා එළියට ඇවිත් කියන කතාව
08:44
Video thumbnail
සමන්තට පංති 05 කියලා දෙන්න ගිහින් ඇනගත්ත ඇනගැනිල්ල
13:26
Video thumbnail
වේදිකාවල බොරු කියලා ආණ්ඩු ගත්තා වගේ නෙවෙයි ඒවා කරන්න ගියාම
03:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ හොඳම ටික සැරට - කෙටියෙන් මෙන්න එක පෙළට
28:43
Video thumbnail
ආන්දෝලනයට තුඩුදුන් තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නැවතත්
02:35
Video thumbnail
අපි රැවටුනා කියලා - මිනිස්සු දැන් සමාජ මාධ්‍යවල දානවා - මම මහින්ද මහත්තයා එක්ක හැමදාම ඉන්නේ
01:56
Video thumbnail
SB බඩු ගන්න කොටුවට යයි - හරිනිට විතරද පුළුවන් - මම ගියාම නරකද
01:52

?