ශ්‍රීලනිපයේ මහ ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම දෙවන වරටත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක ලේකම් ධුරය දැරීම හා නිමල් සිරිපාල ද සිල්වා සභාපති ධුරය දැරීම වළක්වාලන අතුරු ඉන්ජංෂන් තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවේදී එම සහනයක් ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙම නියෝගය නිශ්ප්‍රභා කොට තමා අයද සිටින සහනයන් ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා අධිකරණයේ පවරන ලද නඩුව අද (28) දින විභාගයට ගත්තා.

එහිදී නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වය දැරීම වැළැක්වීම හා දුමින්ද දිසානායක ලේකම් ධූරයේ කටයුතු කිරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදීම ගරු අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර මූලික නඩු විභාගය 2027 ජනවාරි මස අටවෙනි දිනට නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27