අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය ඔක්තෝබර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී සිර දඬුවම් නියම වී මේ වන විට ඇපමත මුදාහැර සිටින ශෂී වීරවංශ ද අධිකරණයේ පෙනී සිටියා.
තමන්ට නියම වී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වුණා.
ඒ, අනුව එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කර නොමැති අතර ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් කල් ලබාදීම සිදුකළා.
ඒ, අනුව අදාළ පැමිණිල්ල ඔක්තෝබර් මස 12 වනදා කැඳවන ලෙසත් නියම කළා.













