ශකීබ් ඩැහැගත් මාලිංගගේ විස්සයි විස්ස පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක් තමන් සතුකරගන්නට බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා.

ඒ මෙතෙක් මාලිංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ විස්සයි විස්ස වැඩිම කඩුලු ලාභියාගේ ඔටුන්න තමන් සතුකර ගනිමින්.

20-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදීයි ශකීබ් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේ.

මෙම තරගයේ දී ශකීබ් ලකුණු 17කට කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව මේ වනවිට ඔහු විස්සයි විස්ස පිටියේ බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.

ලසිත් මාලිංග තරග 84කට ක්‍රීඩාකරමින් විස්සයි විස්ස පිටියේ කඩුලු 107ක් බිඳ දමා ඇති අතර ශකීබ් අල් හසන්ට මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට ක්‍රීඩා කිරීමට සිදුවූ තරග සංඛ්‍යාව 89ක්.

මේ වන විට විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම ඉන්දියාවේ දීපක් චාහර්ගේ නම ඉදිරියේ සටහන්ව ඇති අතර ඔහු එම දක්ෂතාව දක්වා ඇත්තේ  බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දුවාර 03යි පන්දු 02ක් යවා ලකුණු 07කට කඩුලු 06ක් බිඳ දමමින්.

මේ අතර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති පළමු වටයේ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 06ක තියුණු ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07