ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (30) දිනයේ දී සංකේත එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව අද (30) දිනයේ දී සමස්ථ රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ මෙම වර්ජනය ක්රියාත්මක කරන බවයි එම සමිති සම්මේලනය සඳහන් කළේ.
විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර, ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වැඩ වර්ජනය ක්රියාත්මකයි.
මේ අතර හෙට (31) දිනයේ දී විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පා ගමනක් ද මෙම වෘත්තීය ක්රියාමාර්ගයට සමගාමීව පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
