විභාග දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ‘කෝපා’ කමිටුවේ අවධානයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අවධානය යොමුව තිබෙනවා.

ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදා ගැනීම සහ විභාග කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ සහ මුද්‍රණ පහසුකම්, විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා හා ගාස්තු සංශෝධනය කිරීම සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද අවධානය යොමු වුණා.

තවද, ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව OMR/OCR පද්ධතියක් හඳුන්වාදීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳව නිලධාරීහු කාරක සභාව දැනුවත් කළා.

මීට අමතරව, විභාග ප්‍රතිඵල විශ්ලේෂණය මත පදනම්ව ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණුව පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06