spot_imgspot_img

විභාගය අවසන් වී නිවසට යමින් සිටි සිසුවා යතුරුපැදි අනතුරකින් මරුට

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටි පාසල් සිසුවෙකු යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විභාගය නිමවා නිවසට යමින් සිටි පාසැල් සිසුන් දෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසැල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (08) සවස මෙම අනතුර සිදුවී ඇත්තේ ඉපලෝගම දම්පැලැස්සාගම ප්‍රදේශයේදී වෙළදසැලක් අසලදී යි.

මෙම අනතුරින් අනතුරින් යතුරුපැදිවල ගමන් ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා.

පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණේ.

එලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් සිසුවකු අද (09) උදෑසන මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අනතුරට පත් සිසුන් දෙදෙනා ගමන්කළ යතුරු පැදියේ පසුපස ගමන්ගත් දම්පැලැස්සාගම ප්‍රදේශයේම පදිංචි සිසුවෙක්.

ඔහු ඊයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එය නිමවී මිතුරාගේ යතුරුපැදියේ පිටුපස අසුනේ නැගී නිවස බලා එමින් සිටියදී අනතුරට මුහුණ පා තිබුණා.

මාරක රිය අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටින පැදිකාර සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනෙක් යතුරුපැදිය පැදවූ සිසුවිය මේ වනවිට රෝහලට නොදන්වා පිටව ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

පාසල් සිසුන් දෙදෙනා පැමිණි යතුරුපැදිය කුංචිකුලම දෙස සිට දම්පැලැස්සාගම දෙසට ධාවනය කරමින් තිබී ඇති අතර එම අවස්ථාවේ පාසල් සිසුවිය විසින් සිය යතුරුපැදිය කුංචිකුලම සිට දම්පැලස්සාගම දෙසට ධාවනය සඳහා මාර්ගයට යොමු කර ඇති බව මෙතෙක් සිදු කළ පොලිස් විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

පාසැල් සිසුන් පැදවූ යතුරු පැදි දෙක ද මේ වනවිට ඉපලෝගම පොලිස් ස්ථානයේ රථවාහන අංශය භාරයට ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
3
+1
15
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?