විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය සම්බන්ධව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිට ලිපියක්

රජය විසින් ගෙන එමට යෝජිත විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින් 16 දෙනෙකු අත්සන් කරමින් ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමුකර ඇති බව සඳහන්.

රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වැනි වගන්තිය සඳහා වන සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIII වැනි පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම අන්‍යවශ්‍ය බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විශ්වාසය බවයි එම ලිපියේ මඟින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් විවිධ අධිකරණ බල ප්‍රදේශයන්හි වෙනස් ප්‍රවේශ පවතින අතර, ඒ සඳහා වෙනස් කළ නොහැකි එකම සම්මතයක් නැති වුවද, රජයේ යෝජිත ක්‍රියා මාර්ගයට තම මූලික විරෝධය එල්ල වන්නේ එහි ඇති තදබල අදූරදර්ශී සහ පුද්ගල කේන්ද්‍රීය ස්වභාවය නිසා බවයි ඔවුන් මෙම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ජනතාවගේ පරමාධිපත්‍යය, මෙම කරුණ තීරණය කිරීමේ බලය ඔවුන්ගෙන් පැහැර ගැනීම මගින් පිළිගත නොහැකි ලෙස උල්ලංඝණය වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය තදින්ම ප්‍රකාශ කරන බවත්, එබැවින් මෙය ඉදිරියට ගෙන යාම සඳහා වන එකම නීත්‍යානුකූල මාර්ගය ලෙස ජනමත විචාරණයක් පවත්වන ලෙස වැඩිදුරටත් අවධාරණය කර බව එහි දක්වා තිබෙනවා.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58