විදෙස් ජාතික ළමයින් අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නා අත්අඩංගුවට

තම පියා සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි කැනඩා ජාතික 16 හැවිරිදි දැරියක් සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපයෝජනයට පත්වූ ළමයින්ගේ පියා වන කැනඩා ජාතිකයා කොස්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

මෙම පවුලේ සාමාජිකයන් කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතරවී සිට ඇති අතර හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක් සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ළමයින් දෙදෙනා අපයෝජනය කළ බවට සංචාරක මගපෙන්වන්නාට චෝදනා එල්ලවී තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තම දියණිය සහ පුත්‍රයාගේ සිරුරු ස්පර්ශ කරමින් අපයෝජනය කළ බවටයි කැනඩා ජාතිකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සංචාරකයන් සමග හික්කඩුව ප්‍රදේශයට යන අතරමග සැකකරු බීමත්ව සිටි බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අනුව ඊයේ රාත්‍රියේම 50 හැවිරිදි සැකකරු කොස්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01