AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය යෝජනාව 06 වනදා මහජන උපයෝගිතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බධයෙන් වන යෝජනාව දෙසැම්බර් 06 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. ඒ.ඩී.කේ පරාක්‍රමසිංහ ප්‍රකාශ කළේ එම වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

2024 අවසන් කාර්තුව සඳහා සියයට 06 – 11 අතර තීරුබදු අඩු කිරීමක් විදුලිබල මණ්ඩලය මීට පෙර යෝජනා කර තිබුණා.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් 2025 පළමු මාස ​​හය සඳහා ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන ලෙස ලංවිමට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?