විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමේ තීරණය ලබන සතියේ

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මේ මස දෙවන සතිය අවසානයේ ලබාදෙන බව එම කොමිෂන් සභාව පවසනවා.

සියයට 6.8කින් විදුලි ගාස්තු ඉහළ දමන ලෙස යෝජනාවක් විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකරනු ලැබුවා.

ඊට අදාළ මහජන අදහස් විමසීම අවසන් කර ඇති මහජන උපයෝගීතා කොමිෂන් සභාව, මේ වනවිට එම අදහස් අධ්‍යයනය කරමින් සිටිනවා.

එමෙන්ම විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබාගැනීම යන කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

ඒ, අනුව සියලු කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන්වන අවසන් තීරණය නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12