විදුලි කප්පාදුව දික්වන හැඩක්

තාප බලාගාර සඳහා ඉන්ධන හිඟයත්,විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළයාමත් නිසා දෛනික විදුලි කප්පාදුව තවදුරටත් වැඩිකිරීමේ අවදානමක් මතුවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවෝ පිරිසක් ‘දිවයින’ට පැවැසූහ.

ලබන ඔක්තෝම්බර් 20 පමණ වනවිට ගල්අඟුරු සංචිතයද අවසන්වීමට නියමිත අතර ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු ගෙනැවිත් ලක්විජය බලාගාරයේ විදුලි ජනනය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් ඉතිහාසයේ දරුණුතම විදුලි අර්බුදයකට රට තල්ලු වන බවද ඒ මහතා කීය.

ජල විදුලිය වැඩිපුර භාවිත කිරීම නිසා දිනකට ගෙගාවොට් පැය විස්සකින් ගෙගාවොට් පැය 13 ක්ම අවසන් වීමෙන් ජල විදුලි නිෂ්පාදනය ගෙගාවොට් පැය 13 බැගින් අවසන් වන බවද ඔවුහු පවසති.

මේ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදන අඩුවී ගල්අඟුරු බලාගාරයත් නතර වී ගියහොත් සිදුවන විනාශය පිළිබඳ සිතාගත නොහැකි බවද පවසති. ගල්අඟුරු ක්‍ෂණිකව මිලදී ගෙන මාසයක් ඇතුළත ඒවා මෙරටට ගෙනැවිත් ගොඩබා ගැනීම ලෙහෙසි පහසු අභියෝගයක් නොවන බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?