විදුලිසැර වැදීමෙන් 05 හැවිරිදි දරුවෙක් සහ දෙදරු පියෙක් ජීවිතක්ෂයට

දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී අද (23) දහවල් විදුලිසැර වැදීමෙන් වයස අවුරුදු 05ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 41ක දෙදරු පියෙකු මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාඇල, දළුගම ප්‍රදේශයේ සිට සිය ඥාති නිවසට දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ නිවසේ ගෙවත්තෙහි වගාවන් ආරක්ෂා කරගැනීම සඳහා ගෙවත්ත වටා විදුලි වැටක් ඇද තිබූ බවත්, වැට අසල සෙල්ලම් කිරීමට ගිය දරුවාට පළමුව විදුලිසැර වැදි තිබෙනවා.

සිය ඥාති පුත්‍රයා මුදා ගැනීමට ගිය පුද්ගලයාද විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.