විද්‍යාපීඨ 19 ම එක් කරමින් නව අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී

මෙරට පිහිටි විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කරමින් නව අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අද (04) පාර්ලිමේන්තු සභා වාරයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ; ඊට අදාළ කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා හට යොමු කර ඇති බවත්; එහි නිෂ්කාශන කටයුතු අවසන් කර ලබන සතියේ දී ලැබෙනු ඇති බවයි.

ඉන් පසුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්; කැබිනට් අනුමැතියෙන් පසුව ගැසට් කිරීමට යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර රජයේ පාසල්වල මේ වනවිට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව හිමි ව තිබෙනවා.

ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි.

රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මතය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවා තිබුණ ද; ඊට අමාත්‍ය මණ්ඩලය ලෙස එකඟත්වය ලබා නොදුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

නමුත් පසුව ජනාධිපතිවරයා මීට එකඟත්වය ලබා දුන් බවත්; 16,000ක සංවර්ධන නිලධාරීන් කණ්ඩායම අභ්‍යාසලාභීන් ලෙස ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීම සිදු කළ යුතු බවටත් ජනාධිපතිවරයා අවසරය ලබා දී තිබෙනවා.

ඊට හේතුව වන්නේ එම පිරිස වසර 05ක කාලයක් පාසල්වල පුහුණු වීම හේතුවෙන් කාර්‍යාලවලට අනුයුක්ත කිරීමෙන් ඵලක් නොමැති බවත්; ඔවුන් හට ගුරු පුහුණුව ලබා දී පාසල් තුළ තබා ගැනීම සුදුසු බවයි එකඟ වී ඇත්තේ.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ගුරු වර්ග අනුව පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා මිසක 25,000ක පුරප්පාඩු ඇති නොවන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06