වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල සරම්ප රෝගය පැතිරෙයි – අධිකරණය වෙත දැනුම්දීමක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ සහ මැගසීන් බන්ධනාගාර තුළ රැඳවියන් අතර බෝවන රෝගයක් වන සරම්ප රෝගී තත්ත්වයක් පැතිර යන බැවින් අද (09) දින කිසිදු රැඳවියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහාධිකරණයට ⁣⁣ගෙන ඒමට නොහැකි වූ බව බන්ධනාගාර පාලන මණ්ඩලය විසින් ලිපියක් මගින් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව අද දින කිසිදු බන්ධනාගාර රැඳවියෙකු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ බව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහාධිකරණයට දන්වා තිබුණා.

ඒ, අනුව අද (09) දින අධිකරණයේ බන්ධනාගාර සිර මැදිරිය හිස්ව තිබෙන අයුරු දක්නට ලැබුණා.

අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරියකු පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ඇතිව එම රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් අද දින රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවට එලෙස ලිපියක් අධිකරණයට යොමු කළ ඇති බවයි.