spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ

පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් අප කළ විමසීම දී ඔහු මේ බව තහවුරු කළා.

මෙම පත් කිරීම අද (29) දිනයේ සිට මාස තුනක කාලයක් සඳහා පමණක් වලංගු බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුණා.

සී.ඩී. වික්‍රමරත්නට අවස්ථා හතරක දී ජනාධිපතිවරයා විසින් සේවා දිගු ලබාදෙනු ලැබූ අතර, ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
1
+1
3
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?