ව්‍යාපාරිකයා මරන්න ආ වෙඩික්කරුවන් ගැන තොරතුරු එළියට – සිද්ධිය පිටුපස හීනටියන මහේෂ් (වීඩියෝ)

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකුට වෙඩි තැබීමට තැත්කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් මෙම අවේදී තැබීමට නියෝග ලැබී ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ නිවස තුළට අද (22) පෙරවරුවේ පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට තැත්කර ඇති අතර, එහිදී ගිනිඅවි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එට ව්‍යාර්ථ වී තිබුණා.

මෙම වෙඩික්කරුවන් දෙදෙනා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් අංජන නැමති ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ මෝටර් රථයක ලිපි ලේඛන රැගෙනවිත් මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අංජන නැමති මෙම ව්‍යාපාරිකයා මුදල් පොළියට ලබාදෙන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

නිවස තුළට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතී ව්‍යාපාරිකයා විසින් මොවුන් නිවසට ඇතුළුවූ පසු වහාම ප්‍රධාන ගේට්ටුව දුරස්ථ පාලකයක් මගින් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එම අවස්ථාවේදීයි මෙම වෙඩික්කරුවන දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සාහ දරා ඇත්තේ.

එහිදී ව්‍යාපාරිකයා වෙඩික්කරුවන් සමඟ පොරබදා ඇති අතර, එහිදී වෙඩික්කරුවන්ගේ ගිනිඅවි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතන ප්‍රයත්න අතහැර නිවසෙන් පලායෑමට උත්සාහ කර තිබෙනවා.

එලෙස උත්සාහ ගැනීමේ දී යතුරුපැදිය ද දමා අඩි 09ක් පමණ උසැති තාප්පයෙන් මෙම වෙඩික්කරුවන් දෙදෙනා පැන ඇති අතර, එම අවස්ථාවේ දී එක් වෙඩික්කරුවෙකුගේ පදයේ අස්ථි බිදීමක් සිදුව තිබෙනවා.

තාප්පයෙන් පිටත ප්‍රදේශයේ වැටී සිටි එම වෙඩික්කරු සිය ගිනිඅවියෙන් හිසට වෙඩිතබා ගැනීමට ද උත්සාහ දරා තිබුණත් එහිදී ද ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී අනෙක් වෙඩික්කරු පළාගොස් ඇති අතර, තුවාල ලබා වැටී සිටි වෙඩික්කරු අල්ලාගෙන ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙනවා.

අනතුරුව පොලිසිය දැනුම්වත් කිරීමේ පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලබා සිටි වෙඩික්කරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සන්තකයේ තිබී රිවෝල්වරයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතොරම් ගැබක්, තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතොරම් ගැබක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පළාගිය සැකකරු මීගමුව, රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?