ව්‍යාපාරිකයා මරන්න ආ වෙඩික්කරුවන් ගැන තොරතුරු එළියට – සිද්ධිය පිටුපස හීනටියන මහේෂ් (වීඩියෝ)

කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකුට වෙඩි තැබීමට තැත්කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් මෙම අවේදී තැබීමට නියෝග ලැබී ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ නිවස තුළට අද (22) පෙරවරුවේ පැමිණි වෙඩිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට තැත්කර ඇති අතර, එහිදී ගිනිඅවි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එට ව්‍යාර්ථ වී තිබුණා.

මෙම වෙඩික්කරුවන් දෙදෙනා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් අංජන නැමති ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ මෝටර් රථයක ලිපි ලේඛන රැගෙනවිත් මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

අංජන නැමති මෙම ව්‍යාපාරිකයා මුදල් පොළියට ලබාදෙන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

නිවස තුළට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතී ව්‍යාපාරිකයා විසින් මොවුන් නිවසට ඇතුළුවූ පසු වහාම ප්‍රධාන ගේට්ටුව දුරස්ථ පාලකයක් මගින් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එම අවස්ථාවේදීයි මෙම වෙඩික්කරුවන දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සාහ දරා ඇත්තේ.

එහිදී ව්‍යාපාරිකයා වෙඩික්කරුවන් සමඟ පොරබදා ඇති අතර, එහිදී වෙඩික්කරුවන්ගේ ගිනිඅවි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතන ප්‍රයත්න අතහැර නිවසෙන් පලායෑමට උත්සාහ කර තිබෙනවා.

එලෙස උත්සාහ ගැනීමේ දී යතුරුපැදිය ද දමා අඩි 09ක් පමණ උසැති තාප්පයෙන් මෙම වෙඩික්කරුවන් දෙදෙනා පැන ඇති අතර, එම අවස්ථාවේ දී එක් වෙඩික්කරුවෙකුගේ පදයේ අස්ථි බිදීමක් සිදුව තිබෙනවා.

තාප්පයෙන් පිටත ප්‍රදේශයේ වැටී සිටි එම වෙඩික්කරු සිය ගිනිඅවියෙන් හිසට වෙඩිතබා ගැනීමට ද උත්සාහ දරා තිබුණත් එහිදී ද ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී අනෙක් වෙඩික්කරු පළාගොස් ඇති අතර, තුවාල ලබා වැටී සිටි වෙඩික්කරු අල්ලාගෙන ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙනවා.

අනතුරුව පොලිසිය දැනුම්වත් කිරීමේ පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලබා සිටි වෙඩික්කරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු සන්තකයේ තිබී රිවෝල්වරයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතොරම් ගැබක්, තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතොරම් ගැබක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පළාගිය සැකකරු මීගමුව, රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09